Friday, May 17, 2024

General line - 0115112241

හදිසි කාර්මික දෝෂයට ලක්වු ශ්‍රී ලංකන් ගුවන් යානයක්

ටී කේ ජී කපිල - කටුනායක




හදිසි කාර්මික දෝෂයට ලක්වු ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඉන්දියාවේ මුම්බායි නුවර බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

යූ එල් 141 දරන ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගොඩ බස්වා ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

ඊයේ (13) රාත්‍රි 11:47ට කටුනායකින් පිටත්වූ මෙම යානය පැය 2කට පසු යළි කටුනායකට පැමිණියා.

එහි සිටි මගින් සංඛ්‍යාව 138ක්.

පසුව එම මගින් පිරිස වෙනත් ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත් කර හැරුණු බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.