Friday, May 17, 2024

General line - 0115112241

උතුරේ මහවිරු සැමරුමකට සූදානමක්

මාධව කුලසූරිය -වවුනියාව




මහවිරු සැමරුමක් උතුරේ පැවැත්වීමට සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වනවා.

ප්‍රදාන මහවිරු සැමරුම කිළිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ දී පැවත්වීමට නියමිත බවයි  නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

කිළිනොච්චිය මුලංකාවිල් ප්‍රදේශයේ මෙන්ම මන්නාරම පෙරියබන්ඩි විරිචාන් ප්‍රදේශයේ ද මෙම සැමරුම සංවිධානය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

තමන් මෙහිදි එල්ටීටීඊ සාමාජිකයන් සිහිපත් නොකරන අතර මියගිය තම ඥාතීන් සිහපත් කිරිමක් පමණක් සිදුකරන බවයි උතුරේ ජනතාව පවසන්නේ.

යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරිම සඳහා කිසිවෙකුගේ අනුමැතියක් ගත යුතු නැති බවයි ජනතාව පෙන්වා දී ඇත්තේ.

උතුරේ පැවැත්වීමට සැළසුම් කර ඇති මහවිරු සැමරුම් සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිසියෙන් විමසීමක් කළා.

මෙරට තහනම් සංවිධානයක් සැමරීමට කිසිඳු නීතිමය අවසරයක් නොමැති බවයි පොලිසිය එහිදී කියා සිටියේ.