ගෙළ වැළලාගෙන මිය ගිය 19 හැවිරිදි තරුණිය හා 28 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ
කළුතර මිල්ලනිය පරගස්තොට ප්රදේශයේ නිවසක තිබී ගෙළ වැළලාගෙන මිය ගිය තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මිය තරුණිය 19 හැවිරිදි හොරණ ප්රදේශයේ අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මියගිය තරුණයා මිල්ලනිය පරගස්තොට ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
එක්දරු පියෙකු වන අදාළ තරුණයා ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්රවාහනය කරන රථයක රියදුරෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
මිය ගිය තරුණිය ද එම ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති අතර ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පැවති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා ගත් ඡායාරූපයක් ද තරුණියගේ ජංගම දුරකථනයේ තිබූ බව දෙමව්පියන් පවසා තිබෙනවා.
මෙම සම්බන්ධය පිළිබඳ ඇගේ දෙමව්පියන් දැඩි විරෝධයක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ තරුණයා ඊයේ (13) අළුයම මෙම තරුණිය නිවසින් කැඳවා ගොස් තිබෙනවා.
පසුව අදාල තරුණියගේ ඥාතින් විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර තරුණයාගේ මිතුරෙකු විසින් ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ද ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම තරුණයා ඊට ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳ සොයා බැලීමට මෙම තරුණයාගේ පරගස්තොට ප්රදේශයේ නිවසට ගොස් තිබෙනවා.
නිවස පරීක්ෂා කිරීමේදී මොවුන් දෙදෙනා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බවයි ඔහුගේ මිතුරෙකු පොලිසියට පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතයි.
----------------------
මිල්ලනිය මරණ ගැන වැඩිදුර පරික්ෂණ (14-11-2017 08:03)
කළුතර, මිල්ලනිය, පරගස්තොට ප්රදේශයේ දී ගෙල වැළලාගෙන මියගිය 19 හැවිරිදි තරුණියකගේ සහ 28 හැවිරිදි තරුණයෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය වැඩිදුර පරක්ෂණ ආරම්භ කර තිබෙනවා.