රට පැටලි ඇති ණය උගුලෙන් අමාරුවෙන් වුවද ගැලවිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද බලයට පත්වූවත් පවතින තත්ත්වයට මුහුණදීමට සිදුවන බවයි.
මෙම වසරේ දී පමණක් නොව ඉදිරි වසර කිහිපයක් සඳහා ද විශාල ණය මුදලක් ගෙවීමට රටට සිදුව ඇති බවයි අමාත්‍යවරයා ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.