විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මෙම විරෝධතාව හේතුවෙන් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා දිවෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් ලිඛිතව දැනුවත් කර ඇති බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්නා.
තම ගැටළුවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලබා දෙන තුරු මෙම විරෝධතාවය අත්නොහරින බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.