Thursday, January 16, 2025

General line - 0115112241

ඉලංගයි තමිල් අරසු පක්ෂය හැර TNA සාමාජික සෙසු පක්ෂවලට ඇරයුමක්

මාධව කුලසූරිය - වවුනියාව




දෙමළ ජාතික සන්ධානය සමග එක්ව සිටින ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හැර අනෙක් පක්ෂවල නියෝජිතයින්ට නව සන්ධානය සමග එක්වන්නැයි E P R L F පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ආරාධනා කර තිබෙනවා.

, පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දෙමළ මහජන සභාව පකෂයේ සාකච්ඡාවකින් අනතුරුවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසන්නේ දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඇතැම් නායකයින් දෙමළ ජනතාවගේ ගැටලූ පසෙකලා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බවයි.

මේ නිසා දෙමළ ජනතාව අසරණ වී ඇති බවද ඔහු සහන් කළා.

සිය ජනතාව වෙනුවෙන්, දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් බිහි කිරීමට කටයුතු කරන බවයි E P R L F පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් කියා සිටියේ.