පන්ති වර්ජනය අවසන් කර ලබන 20 වනදා සිට යළි දේශන සඳහා සහභාගී වීමට වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තීරණය කර තිබෙනවා.
එහි කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග තමන් වෙත ලිඛිතව දැන්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ආණ්ඩුව විසින් ලබාදී ඇති පොරොන්දු ඉටුවන තුරු තමන් අවදානයෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ.