සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒ, පුත්තලම නගර සභාවේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන්.
එළඹෙන 16 වනදාට පෙර අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගතහොත් මෙම වැඩවර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ.
ඉකුත් 12 වනදා පුත්තලම - කුරුණැගල මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව ආසන්නයේදී මෙම පහර දීම සිදු වුණා.
ඒ, එදින පුත්තලම නගරයේ පවත්වාගෙන යන අනවසර වෙළඳසැල් ඉවත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවස බලා යමින් සිටියදියි.