Friday, January 17, 2025

General line - 0115112241

කොළඹ නගරයේ වැඩ අරඹන්න හදන 'සුඛෝපභෝගී දුම්රිය මාර්ග ' මෙන්න (VIDEO)

සුගත් ධර්මප්‍රිය




කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා  සුඛෝපභෝගී සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමේ මූලික අදියර ලෙස ශක්‍යතා වාර්තාව හා උපදේශන කාර්යයන් සඳහා ජාත්‍යන්තර උපදේශක මට්ටමේ ආයතනයක් වන කොරියාවේ සෙන් යං ආයතන හා ගිවිසුම් ගත වීම ඊයේ(22) සිදු වුණා.

මේ සඳහා රුපියල් මිලියන 202 වැය කිරීමට නියමිතයි. 

ගිවිසුම අත්සන් කොට දින 7 ක් ඇතුලත සෙං යං ආයතනය සිය වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලූ දුම්රිය මාර්ග හතක් ඉදිකිරීමට යෝජිතයි.

එම මාර්ග පහතින් දැක්වෙනවා.

01. කොල්ලූපිටිය, බම්බලපිටිය, බොරැල්ල, යූනියන් පෙදෙස සිට මරදාන දක්වා (කි.මී.14.8)
02. කොටුව, මරදාන, මට්ටක්කුලිය සිට පෑලියගොඩ දක්වා (කි.මී. 11.5)
03. දෙමටගොඩ, බොරැල්ල, කිරුලපන, හැව්ලොක් ටවුන් සිට බම්බලපිටිය දක්වා (කි.මී. 10)
04. මාලබේ , බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුව (කි.මී. 15.3)
05. මාලබේ, කොට්ටාව (කි.මී. 9.6)
06. මාලබේ කඩුවෙල (කි.මී. 6)
07. පෑලියගොඩ, කඩවත (කි.මී. 13)