පරිප්පු සහ සහල් සඳහා පාලන මිලක් හඳුන්වා දීමට රජයේ ජීවන වියදම් කමිටුවේදී යෝජනා වී තිබෙනවාග මීළඟ කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලබාගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
කැකුළු සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක මිලකටත්, නාඩු සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 74කට සහ සම්බා සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 78ක මිලකටත් සතොස ශාඛාවලින් මිලදී ගත හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මෙම මිල යටතේ ජංගම රථ මගින් සහල් අලෙවි කිරීමට ද අවධානය යොමුව තිබෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසුවේ.
පොල් මිල ගෙඩියක් රුපියල් 70ත් 75ත් අතර මිලකට ගෙන ඒමටද කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර අමාත්‍ය නවීන් දිසානායක ඉකුත්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ පොල් මිල අඩු කිරීමට නම්, පොල් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බවයි. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් සියයද ඉක්මවා ඇතැයි බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා.