ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.
ඔහු පැය එක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී ඇති බවයි වාර්තා වුණේ.
හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ද දැනුම්දී තිබෙනවා.
ඒ, කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාලව බවයි වාර්තා වුණේ.