ශ‍්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු කිරීමට සැරසෙන ඩිජිටල් ප‍්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවේ ද සහය ලබාදෙන බව එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ අනුව පාසල් දරු දැරියන්ට ටැබ් වර්ගයේ පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට සහ එම පරිගණකවලට අවශ්‍ය සිංහල සහ දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කිරීමට ඉන්දීය විශේෂඥයින් ලබාදිය හැකි බවයි ඔහු කියා සිටියේ.
ඉන්දියාවේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අද (23) දහවල් එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඉහත කරුණු ප‍්‍රකාශ කෙරුණේ එම සාකච්ඡාවේදීයි.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව එක්ව සිදු කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ඉන්දීය - ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ‍්‍රී ලංකාව සූදානම් බවයි. දැනට තිබෙන යම් යම් ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.