Friday, January 17, 2025

General line - 0115112241

ඡන්දය කඩිනම් කරන්න එජාප පසුපෙළෙන් අලූත් යෝජනාවක්

සමන්ත කුමාර




පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යාම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් යෝජනා කළේ නව ක‍්‍රමයට ඡන්දය පැවැත්වීමට බාධාවක් ඇත්නම් පැරණි ක‍්‍රමයට හෝ මැතිවරණය පවත්වන ලෙසයි. එහෙත් අවශ්‍යතාවක් ඇත්නම් නව ක‍්‍රමයට මීට පෙර නිකුත් කෙරුණු ගැසට් නිවේදනය යටතේ ද මැතිවරණය පැවැත්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දුන්නා. 

කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, එස් එම් මරික්කාර් සහ දිනේෂ් ගුණවර්ධන මෙහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක්. සංවාදයට කථානායක කරූ ජයසූරිය ද මැදිහත් වුණා.