Friday, January 17, 2025

General line - 0115112241

අයවැයෙන් ගෙනා "කලාකරු රක්ෂණය" කුමන කලාකරුවන්ටදැයි ගැටළුවක්




මෙවර අයවැයෙන් යෝජිත, කලාකරුවන් සඳහා වන රක්ෂණාවරණය ලබාදෙන්නේ කුමන කලාකරුවන් සඳහාදැයි තවමත් නිශ්චය කර නොමැති බව අයවැය යෝජනා පිළිබඳ නෙත් නිවුස් කළ පසුවිපරමකදී අනාවරණ වුණා. කලාකරුවන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට වත්මන් ආණ්ඩුව යටතේ මීට පෙර ද යෝජනා වූ අතර ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කෙරුණත් මේ දක්වාත් එම රක්ෂණාවරණය ද විධිමත්ව කලාකරුවන්ට ලැබී නොමැති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණේ. අවම වශයෙන් කලාකරුවන් යන්නට ලබාදිය යුතු අර්ථදැක්වීම හෝ අවසානාත්මක ලෙස තීරණය කර නැතැයි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක පවසනවා.

කෙසේ වෙතත් යෝජිත රක්ෂණාවරණය කලාකරුවන් සඳහා ලබාදීමට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 10ක් පමණයි. සියලූ කලාකරුවන්ට රක්ෂණාවරණයක් ලබාදීමට තරම් එය ප‍්‍රමාණවත් වන්නේදැයි ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක පැවසුවේ ජනාධිපති අරමුදල යටතේ මේ සඳහා මුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.