පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් එරට අධිකරණයකදී අද කැඳවූ අවස්ථාවේදීයි.
එය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතලම චෝදනාව ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වන විටත් සිරගතව පසුවනවා.
ඒ, පකිස්තාන අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එරට මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.