මාර්ග ගත ක්‍රමය යටතේ ඔඩිසි දුම්රියේ ආසන වෙන් කර ගැනීමේදී සිදුවෙන වංචාවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
මේ අතර ලබන ඉරිදා පැවැත්වෙන විභාගයකට සූදානම් වීම සඳහා රියදුරන් පිරිසක් අධ්‍යයනය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අද දවස පුරා දුම්රිය ගමන් වාර 48ක් අවලංගු වී තිබෙනවා.
බලවේග දුම්රිය රැසක් එලෙස අවලංගු වී ඇති බවයි දුම්රිය රියදුරු සංගමය පැවසුවේ.
මේ හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල ද බලවේග දුම්රිය ගමන් වාර රැසක් අවලංගු විය හැකි බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.