Friday, January 17, 2025

General line - 0115112241

ගොවිජන මන්දිරයේ අලූත්වැඩියාවට කෝටි 30ක්

හේමන්ත කහවලගේ




කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මීට පෙර භාවිත කෙරුණු බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයේ අලූත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 300ක් ඇස්තමේන්තු කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරියේ පිහිටි වෙනත් ගොඩනැගිල්ලකට රැගෙනයාමට මීට පෙර තීරණය කෙරුණේ ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ලබාදීමටයි. එහෙත් ඊට පෙර එහි අලූත්වැඩියාවන් ගණනාවක් සිදු කළ යුතුව ඇතැයි නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම අලූත්වැඩියාවන් නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතයි. ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 300ක වියදමින් රුපියල් මිලියන 100ක් මෙම වසර අවසානයේදී මුදා හැරීමට නියමිතව තිබෙනවා. 

කෙසේ වෙතත් අලූත්වැඩියාවන් අවසන් කරන වකවානුව පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශ වී නැහැ. මෙම අලූත්වැඩියාවන් අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ දැනට ක‍්‍රියාත්මක කාරක සභා 17ක කාර්යාල ගොවිජන මන්දිරයේ පිහිටුවීමට නියමිතයි. රාජ්‍ය ගිණුම් කාරක සභාව, කෝප් කමිටුව සහ උසස් නිලතල පිළිබ`ද කාරක සභාව තවදුරටත් පාර්ලිමේන්තුවේම පවත්වාගෙන යනු ඇති.