පොලිස් නිලධාරීන් බව පවසා කොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම, බොරලැස්ගමුව, අතුරුගිරිය, තලංගම, කොහුවල, ගල්කිස්ස, පිළියන්දල, හොරණ, පානදුර, කැලණිය සහ කිරුළපන යන පොලිස් වසම්වලදී ඔවුන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.
ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු මිල්ලණිය ප්රදේශයේ ද අනෙක් පුද්ගලයා බොරැල්ල ප්රදේශයේ ද පදිංචිකරුවන් වනවා. හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔවුන් අද (24) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.