අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට මෙතෙක් ඇතුළත් කර නැතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමකදී ද සාකච්ඡා කළ යුතු බවයි.
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකි වූ බවට වන පදනම මත ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගොනු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ද පැවසුවේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගොනු කරන බවයි.