Friday, January 17, 2025

General line - 0115112241

ඉන්දීය ජනපති පැරණි නෑකම සිහිකරමින් අගමැතිට කියපු කතාව




ඉන්දු - ශ‍්‍රී ලංකා ඓතිහාසික සම්බන්ධතා පදනම් කර ගනිමින් දෙරටේ ආර්ථික හා සංවර්ධන කටයුතු ඉදිරියට මෙහෙයවිය යුතු බව ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද් මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ (23)පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. නවදිල්ලි නුවර පිහිටි රාෂ්ට‍්‍රපති භවන්හිදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් යන්න තමන්ගේද අභිලාෂයක් බවයි ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. ඉන්දු - ශ‍්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳවත් දෙපාර්ශවය ඒකාබද්ධව සිදු කරන සංවර්ධන කාර්යයන්හි ප‍්‍රමාදයන් වැළැක්වීම පිළිබඳවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කරුණු දැක්වූවා.