ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයින් පිරිසක් බලපිටිය ප්රදේශයේ දී උද්ඝෝෂණයක යෙදී සිටිනවා. ඒ, තහනම් ආම්පන්න යොදාගෙන ඇතැම් පිරිස් තවමත් සිදු කරන ධීවර කටයුතු වහාම නතර කරන්නැයි ආණ්ඩුවට බලකරමින්.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - ගාල්ල මාර්ගයේ වාහන ධාවනයට ද බාධා පැමිණ තිබෙනවා.