පළාත් පාලන ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා භාර ගැනීමේ දින අද (27) ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා මධ්‍යහන 12.00 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
නෛතික බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉකුත්දා තීරණය කළා.
ඒ අනුවයි නාම යෝජනා භාරගැනීමේ නිවේදනය අද නිකුත් කෙරුණේ.
මේ අතර මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද අද ආරම්භ කෙරුණා. ඇප මුදල් භාර ගැනීමේ කටයුතු දෙසැම්බර් මස 13 වැනිදා මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.
තවද, නාමයෝජනා භාරගැනීමට නියමිත පළාත්පාලන ආයතන 93 අතරට කොළඹ මහ නගර සභාව ඇතුළු ප්‍රධාන මහනගර සභා කිහිපයක් ඇතුළත්ව නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාරගැනීමට ඉඩ ලැබී ඇත්තේ පළාත් පාලන ආයතන 03ක පමණක් බවයි.
කොළඹ මහ නගර සභාවට සභිකයින් තෝරා පත්කර ගැනීම තවදුරටත් ප්‍රමාද වීම ගැටළු රැසකට හේතුවක් බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද කියා සිටියේ.
නාමයෝජනා භාරගැනීමට නියමිත පළාත්පාලන ආයතන 93 අතරට ගාල්ල මහ නගර සභාව, මාතර මහ නගර සභාව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන පෙලේ මහනගර සභා ද ඇතුළත් වී නැහැ.
------------------------------
පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් - ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්
(27-11-2017 05:46)
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඞ් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් කිරීමේ කාලය ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.