කිලිනොච්චියේ කනකපුරම් ක්‍රීඩාංගණයේ අද (27) සවස පැවැත්වීමට නියමිත 'මහවිරු' සැමරුම් උළෙල සඳහා කනකපුරම් රජයේ විද්‍යාලයේ මේස පුටු 300 ක් පමණ මේ වනවිට ලබා දී ඇති බව nethnews.lk වාර්තාකරු පවසනවා.
මේ දිනවල එම විදුහලේ වර්ෂ අවසාන විභාග කටයුතු පැවැත්වෙන නමුත් එයද නොසළකා මෙම මේස පුටු තොගය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
අප වාර්තාකරු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, අවශ්‍යතාවය අනුව සවස් කාලයේදී පාසලේ සියළුම මේස පුටු වුවද ලබා දීමට හැකි බව කිළිනොච්චිය කනකපුරම් විදුහලේ විදුහල්පතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි.
එල්.ටී.ටී.ඊ. සොහොන් කොත්වල කැඩී ගිය කොටස් එකතු කොට සකසා ඇති විශේෂ ස්මාරකයක් කනකපුරම් ක්‍රීඩාංගණයේ මේ වන විට නිර්මණය කර ඇති අතර එය අද දින මහවිරු සැමරුම් වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.
(මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ එම ක්‍රීඩාංගණයේ සංවිධාන කටයුතු සිදුවෙන ආකාරයයි.)