කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය අනිල් ජාසිංහ නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වන විට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මෙම මස 28 වැනිදා සිට විශ්‍රාම යෑමට නියමිතයි.
ඒ අනුව එළඹෙන 29 වැනිදා සිට අනිල් ජාසිංහ අදාළ ධූරයේ වැඩභාර ගැනීමට නියමිතයි. 2001 වසරේ සිට 2008 වසර දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අනිල් ජාසිංහ අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ අධ්යක්ෂ ධූරයට පත් කෙරුණා. හෙතෙම 2012 වසරේ සිට කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.
වෛද්‍ය අනිල් ජාසිංහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලබා තිබෙනවා.