Saturday, January 18, 2025

General line - 0115112241

ප්‍රභාකරන්ව විනාශ කළේ TNA බවට චෝදනාවක් (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




එල්.ටී.ටී.ඊ සංවිධානය හා එහි නායකයා විනාශ කිරීමට කටයුතු කළේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායකයින් බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් වශයෙන් සිටියදී යුද්ධයෙන් මියගිය පවුල් වෙනුවෙන් මහවිරු දිනයට සමගාමීව ආධාර සපයා දීම පිණිස කිළිනොච්චියේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද (27) පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.

එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එල්.ටී.ටී.ඊ නායකයා ප්‍රබලව සිටියේ  නම් දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට රජයෙන් දේශපාලන වාසි හා තනතුරු ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නා.

එම නිසා ඔවුන් රජයට එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳව ඔත්තු සපයා එම සංවිධානය විනාශ කළ බවයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙහිදී චෝදනා කර තිබෙනවා.

ප්‍රභාකරන් තවත් වසර තුනක් පමණ ජීවතුන් අතර සිටියේ නම් නොර්වේ රජයේ සාකච්ඡා වලට අනුව ඔහු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහාය දීමට බෙහෙවින් ඉඩ තිබූ බව ඔහු පෙන්වා දුන්නා.

එය තේරුම්ගත් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් කළ සාකච්ඡා වලදී තෙරුම් ගිය බැවින් ඔවුන් ප්‍රභාකරන්ව විනාශ කිරීමට මඟ පෑදූ බවද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙහිදී කියා සිටියා.

මහවිරු පවුල් වලට විවිධ ආධාර ලබාදීමෙන් පසුව මේ සියළුම දෙනා මහවිරු සමරු වැඩ සටහනකට ද සහභාගි වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

එම අවස්ථාවල ඡායාරූප පහත දැක්වේ.