Saturday, January 18, 2025

General line - 0115112241

කිලිනොච්චිය ඇතුළු උතුරේ මහ ඉහළින් මහවිරු සැමරුම්

වන්නි - රොමේෂ් මධුෂංඛ




කිළිනොච්චිය, කනකපුරම්  හා මුලංකාවිල් ප්‍රදේශයේදි මහත් හරසරින් යුතුව කිළිනොච්චිය ප්‍රදේශවාසීන්  අද(27) මහවිරු සැමරුම සිදුකරනු ලැබුවා.


කිළිනොච්චිය, කනගපුරම් හා මුලංකාවිල් ප්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, අලංකාරවත් තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම සිදුකෙරෙනවා.


යුද්ධයෙන් මියගිය පිරිස් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයන් වෙත පහන් දල්වා, මල් මාලා පළදවා මහවිරු සැමරම් වැඩසටහන් සංවිධානය කොට තිබෙනවා.


මහවිරු සැමරම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඇතුලු නියෝජිතයින්ගේ මෙහෙයවීම යටතේ සුදානම්කොට තිබු අතර, මහවිරු සතිය පුරා මහවිරු සුසාන පිරිසිදු කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවා.


කිළිනොච්චිය මහවිරු සැමරුම් වැඩසටහනට සමගාමීව වවුනියාව,මන්නාරම,මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් තුළද මහවිරු සැමරුම් සවස 6.05 ට ආරමිභ කෙරුණු බවයි නෙත් නිව්සු වාර්තාකරු පැවසුවේ.


එල් ටි ටි ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය නම්කොට තිබුණා.