Saturday, January 18, 2025

General line - 0115112241

පුංචි ඡන්දෙට දිස්ත්‍රික්ක කිහිපයකින් ඇප මුදල් තැන්පත් කරයි

ටෝනි කරුණානායක, රවින්ද්‍ර චන්ද්‍රලාල්




පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 3ක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (27) ඇප මුදල් තැන්පත් කළා. 
ඒ, කළුතර, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහායි.

 
නීතිමය බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණය පැවැත්වීමට ලබන මස 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාර ගැනෙනවා.

 
එම පළාත් පාලන ආයතන වෙනුවෙන් ඇප මුදල් භාර ගැනීම අද (27) ආරම්භ කළ බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. 


ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම ද  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.


හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කලූතර දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කළා. 


මැතිවරණය පැවැත්වීමට නිතිමය බාධාවක් නොමැති කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 5ක්. 

 

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 6ක් සඳහා ද මැතිවරණය පැවැත්වීමට නිතිමය බාධාවක් නැහැ. 

 

ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කළේ එහි ලේකම් සාගර කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන්.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් සඳහා ද අද (27) සිට ඇප මුදල් භාර ගැනෙනවා. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ඒ වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කලේ එහි ලේකම් සාගර කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන්.