Saturday, January 18, 2025

General line - 0115112241

පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේ දී රැස්වෙයි

සමන්ත කුමාර




පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (27) පැවැත්වුණා. මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණය පිළිබසාකච්ඡා කිරීමටයි.

කලින් එකඟ  වූ පරිදී පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදීද, කල් දැමූ පළාත් සභා මැතිවරණය ලබන මාර්තු මාසයේදීද පැවැත්වීමට අදහස් කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා එහිදී කියා සිටියා.

අනුව පාළාත් පාලන ආයතන බොහෝමයක මැතිවරණය පැවැත්වීමට බාධා වී ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් මෝසමක් ගොනුකර තීන්දුව කඩිනමින් ලබාගැනීමට හෝ හැකිනම් එම පෙත්සම ඉවත්කරවා ගැනීමටයි පක්ෂ නායකවරුන් තීරණය කළේ.

එසේ කළ නොහැකි උවහොත් දින 100 අණ්ඩුව සමයේ නිකුත් කෙරුණූ 2015 අගෝස්තු 21 දිනැති සීමා නීර්ණ ගැසට් නිවේදනය යටතේ මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීමට පක්ෂ නායකවරුන් තීරණය කළා.

අග්රාමාත්යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල ප්‍රධානීන් නීතිපතිවරයා සහ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි බවයි කථානායක කාර්යාලය පැවසුවේ.