අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී අද (27) දහවල් කළු ගල් ප්‍රවාහනය කරමින් තුබූ ටිපර් රථයක මාර්ගයේ පිණ්ඩපාතයේ වඩිමින් සිටි හිමිනමක් ගැටීමෙන් හිමිනම අපවත්වී තිබෙනවා.
මෙසේ අනතුරින් අපවත් වී ඇත්තේ බෙලිඅත්ත සිටිනාමළුව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හාගල අමිතරතන නැමති වයස වුරුදු 31ක හිමි නමක් වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ උන් වහන්සේ හම්බන්තොට මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙසේ අපවත් වී ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.
අදාළ ටිපර් රථය හම්බන්තොට සිට කලමටිය දීවර වාරයට කළු ගල් ප්‍රවාහනය කරමින් තුබූ එකක් වන අතර ,අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රිය දුරු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අම්බලන්තොට පොලිසිය මෙහෙයවනවා.