හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පල වන වාර්තා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.
අමාත්‍ය සරත් අමුණුගම පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට කිසිඳු සාධාරණ හේතුවක් ඇතැයි තමන් ද නොසිතන බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නොව අත්අඩංගුවට ගත යුතු වෙනත් ඕනෑතරම් අය සිටින බවයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ එහි නවතම තොරතුරු පිළිබඳව තමන් දැනුවත් නොමැති බවයි.