මොරගහකන්ද කළු ගඟ ජලාශය ඉදිකිරිම සඳහා සිය ඉඩම් ලබා දුන් පවුල් 21ක පුද්ගලයින් අද (27) ලග්ගල නව නගරයේදී උපවාසයක් ආරම්භ කළා. ඒ, ඉඩම් පවරා ගැනීමේදී තමන් වෙත ලබා දුන් පොරොන්දු මේ දක්වා ඉටු වී නැති බවට චෝදනා කරමින්.
ඉඩම් පවරා ගන්නා අවස්ථාවේ තමන් මව්පියන් යටතේ ඔවුන්ට අයත් නිවෙස්වල පදිංචිව සිටි බවද එහෙත් ඉඩම් පවරා ගැනීමෙන් පසු තමන්ට වෙනම ඉඩම් ලබා දෙන බවට නිලධාරීන් පොරොන්දු වූ බවද උපවාසකරුවන් කියා සිටියා.
මෙම පොරොන්දුව ඉටු කරන්නැයි අවස්ථා ගණනාවක ශ්රී ලංකා මහවැලි අධිකාරියෙන් ඉල්ලීම් කළත් ඊට මේ දක්වා යහපත් ප්රතිචාරයක් ලැබී නොමැති බයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
කාංචන කුමාර ආරියදාස