පළාත් පාලන මැතිවරණය සඳහා තමන් අපේක්ෂකයන් තෝරාගන්නා නිර්ණායකයන් මොනවාදැයි ප්රසිද්ධ කරන ලෙස පැෆරල් සංවිධානය සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කරනවා.
කිසියම් දේශපාලන පක්ෂයක් නුසුදුසු පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ රටට හෙළි කිරීමට තමන් කටයුතු කරන බවද පැෆරල් සංවිධානය කියා සිටියා.