Saturday, January 18, 2025

General line - 0115112241

කොරියාවේ දී ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු පාර්ලිමේන්තුවේදී දිග හැරේ

සමන්ත කුමාර




කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් මුහුණපා සිටින ගැටළු පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (27) සංවාදයට ලක් වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ  "මෙතන තියෙන කණගාටුදායක තත්ත්වය තමයි අපේ ශ්‍රමිකයෝ කොරියාවට ගිහින් ධීවර කර්මාන්තයේ කටයුතු විතරක් නෙමෙයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මුහුදේ මාස ගණන් ඉන්න වෙලා තියෙනවා... නූඩ්ල්ස් විතරයි කන්න දෙන්නේ. ඇත්තටම ඒ ගිවිසුම්වල තියෙන කටයුත්ත නෙමෙයි සිද්ධ වෙන්නේ. මම දන්න විදිහට පසුගිය වසර ඇතුළත 13 දෙනෙක් පමණ විවිධ තත්ත්වයන් යටතේ මිය ගිහින් තියෙනවා. දුක් විඳින තරුණයින් දැන් ඒ තැන්වලින් අයින් වෙලා කොරියාවේ වෙනත් රැකියාවල් සොයා ගන්න උත්සහ කරනවා.. මේ ගිවිසුම් කඩවීම ගැන අනිවාර්යයයෙන් සෙවිය යුතුයි." යනුවෙනි.

ඊට පිළිතුරු දුන් අධිකරණ සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළේ "මේ වන විට 28000 ක් වැනි ප්‍රමාණයක් කොරියාවේ රැකියා කරනවා..4000ක් විතර පැනලා ඉන්නවා..මේක ගැටලුවක් තමයි. හැබැයි නොයෙක් විදිහේ බොරු චෝදනාත් කරනවා..එහේ තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය දේශපාලනීකරණය වෙච්ච තත්ත්වයක්. හැබැයි තානාපති අංශයේ කවුරුහරි නිලධාරීයෙක් වගකීම් පැහැර හැරලා තියෙනවා නම් මම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා." යනුවෙනි. 

මේ අතර අයවැය දෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අද (28) දස වන දිනයයි.

විදේශ කටයුතු, ආපදා කළමණාකරණ සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා.