Saturday, January 18, 2025

General line - 0115112241

ජනපතිව විවේචනය කිරීම ගැන අගමැති එජාපයට උපදෙස් දෙයි

හේමන්ත කහවලගේ




තමාගෙන් හෝ පක්‍ෂ මහලේකම්වරයාගේ අවසරයකින් තොරව ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ (27) රැස්වු අවස්ථාවේදීයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා  අදහස් දක්වමින් කියාසිටියේ අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබුණු දුරකතන සංවාද පිළිබඳවද බොහෝ දෙනා වැරදි ප‍්‍රතිරූපයක් මවමින් සිටින බවයි.

බැඳුම්කර කොමිසම ඒ පිළිබඳ නිසි අයුරින් කටයුතු කරන බවත් ආණ්ඩුවක් ලෙස අප සැම ඊට සහාය දැක්විය යුතු බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසා ඇත්තේ.