Saturday, January 18, 2025

General line - 0115112241

ලංගම සේවකයන් වර්ජනයක

මාධව කුලසූරිය - වවුනියාව




උතුරු පළාතේ ලංගම බස්රථ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ප්‍රාදේශීය කළමණාකරු ලෙස සේවය කරන නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව ඔවුන් වර්ජනයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

බස්රථ සේවකයන් ඉල්ලා සිටින්නේ චෝදනාවට ලක්ව සිටින නිලධාරියා වහා ස්ථාන මාරු කරන ලෙසයි. 

වර්ජනය හේතුවෙන් උතුරු පළාතේ පොදු ප්‍රවාහනයටද බලපෑම් එල්ල වී තිබෙනවා.