හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ගේ පුත් මාලක සිල්වාට රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වීම වලකාලමින් නිකුත් කර ඇති අධිකරණ නියෝගය ඉවත් කරන ලෙසට ඉල්ලා ඔහු කර ඇති ඉල්ලීම දෙසැම්බර් මස 6දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) තීරණය කළා.
මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු බැවින් එම ඉල්ලීම මීලඟ දින සලකා බැලීමට නියමිතයි.
ඒ මාලක සිල්වා යනඅය 2014 වර්ෂයේ දී බ්‍රිතානය ජාතික යුවළකට රාත්‍රී සමාජ ශාලාවකදී පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වාට රාත්‍රි සමාජ ශාලා වෙත යාම වළකාලමින් මීට පෙර අවස්ථාවකදී තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර අධිකරණය දැනුවත්කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.