Saturday, January 18, 2025

General line - 0115112241

විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර වැසේ 




ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලුමුවදොර දෙසට මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුන්ගෙන් ඉල්ලා සිටිනවා.