Saturday, January 18, 2025

General line - 0115112241

හම්බන්තොට වරාය සම්න්ධයෙන් ශ්‍රීයානි විජේවික්‍රම මන්ත්‍රීවරිය කියන කතාව

සමන්ත කුමාර




අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දහවන දිනය වන අද (28) දිනයේ ආපදා කලමනාකරණ, වරාය හා නාවික කටයුතු, කම්කරු හා වෘත්තීය සමිති යන අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැණෙයි.

පාර්ලිමේන්තුව අද (28) රුස්වීමත් සමග විවාදයට එක්වෙමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රීයානි විජේවික්‍රමයි.

හම්බන්තොට වරාය ගණුදෙනුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ අදාළ ගණුදෙණුවෙන් රටට හිමිව ඇත්තේ ඩොලර් මිලියන 1,100 ක මුදලක් බවයි.

එය සිදුකර ඇති ආයෝජනය සහ ලබාදි ඇති සම්පත් මෙන්ම කාලය පිළිබඳ සැලකීමේදි කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

අනාගත පරපුරට රටේ සම්පත් ආරක‍්ෂා කරදීමට නොහැකිවීම පිළිබද කණගාටු වන බවද මන්ත්‍රීවරිය කියා සිටියා.

එමෙන්ම රටේ පවතින උද්ධමනයට හේතුව ආණ්ඩුවේ අකාර්යක‍ෂම කළමණාකරණය සහ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව බවද ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය පෙන්වා දුන්නා.

බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණ වූ කරුණු අනුව වැරදිකරුවන්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ.