Saturday, January 18, 2025

General line - 0115112241

වවුනියාව ලං.ග.ම සේවකයින් යළි වර්ජනයක

රතුගම දිනසේන - වවුනියාව/වන්නි රෝමේෂ් මධුෂංඛ




වවුනියාව ලං.ග.ම ඩිපෝවේ සියළුම සේවකයින් 28 දා යළිත් වතාවක් වර්ජනයක නිරතවීම නිසා එකම බස් රථයක්වත් ධාවනය නොවන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මේ තත්ත්වය නිසා වවුනියාවේ ගම්බද ජනතාව හා පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ඩිපෝවේ සේවකයින් පසුගිය සතියේද මේ අන්දමටම වර්ජනයක නිරත වූ අතර එම වර්ජනයේදී ඔවුන් විසින් ඉල්ලා සිටි ඉල්ලීම් ඉටුනොවීම  අද (27) වර්ජනයට හේතුව වී ඇති බව සඳහන්.

උතුරු පළාත් ප්‍රදේශීය කළමනාකරවරය වවුනියාව ඩිපෝවේ සේවකයින්ගෙන් දේශපාලන වශයෙන් පලි ගැනීම් කරමින් සේවකයින්ට අසාධාරණ අන්දමට ස්ථාන මාරුවීම් ලබාදීමත් ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමත් පිණිස මේ වර්ජනය දියත් කර තිබෙනවා.

සේවකයින් මෙම උද්ඝෝෂණය මගින් ඉල්ලා සිටින්නේ උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකාරවරයා වහාම උතුරෙන් මාරු කරන ලෙසයි.

කිළිනොච්චිය හා මුලතිවු ඩිපෝවල සේවකයින් 28 දා උතුරු පළාත් ගමනාගමන අමාත්‍යවරයාට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේද ඔහුව මාරුකර යවන ලෙසයි.