Saturday, April 27, 2024

General line - 0115112241

මිය යන තුරු මෙනවිය වූ ජයලලිතාගේ රහස් හෙළි වේ.. අයිතිය ඉල්ලා දියණියක් අධිකරණයට.. තවත් දියණියක් බලය ඉල්ලයි - ලේලිත් දේශපාලනයට (VIDEO)

ඉන්දීය මාධ්‍ය ඇසුරෙන්




තමිල් නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ දියණිය තමා ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස බැංගලෝරයේ අම්රුතා නැමති යුවතිය අද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලෙත්සමක් ගොනු කර තිබෙනවා.

එමෙන්ව තමාව DNA පරික්ෂණයක් සඳහා යොමු කරන ලෙසත් ජයලලිතාගේ DNA සමග තමාගේ DNA වාර්තාව සසඳා තමාගේ මව ජයලලිතා ජයරාම් ලෙස ප්‍රකාශ කරන ලෙසයි එම පෙත්සම මගින් ඇය ඉල්ලා ඇත්තේ.

මෙයට පෙර ද අම්රුතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට, ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ජයලලිතාගේ දෙමාපියන් මියගිය අවස්ථාවේ හුදෙකලාව සිටි ජයලලිතාට රැකවරණය වුණේ තෙලිඟු සිනමාවේ ප්‍රකට නළුවෙකු වූ ශෝබාන් බාබුයි.

පසුව ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී ඇති අතර එය අවසන් වන්නේ ජයලලිතා ජයරාම් ගර්භනියක් බවට පත්කරමින් බවයි අම්රුතා පවසන්නේ.

එහිදී ශෝබාන් බාබුගේ පළමු බිරිඳ මොවුන්ගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වී තිබෙනවා.

ශෝබාන් බාබුගේ පළමු බිරිඳ හින්දු සාම්ප්‍රදායික පවුලක පැවත ආ බැවින් ඇය මේ දෙදෙනාගේ සම්බන්ධයට විරුද්ධ වූ බවද අම්රුතා කියා සිටියා.

1980 වර්ෂයේ ආගොස්තු මස 14 වෙනි දින ශෝබාන් බාබුට හා ජයලලිතාට උපත ලැබු දරුවා තමන් බවයි ඇය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය වුවහොත් ජයලලිතාගේ අනාගතය අඳුරුවන බව තේරුම්ගත් ඇය තමාව බැංගලෝරයේ සිටි ජයලලිතාගේ නැඟනිය වන ශෛලජාට හදා ගැනීමට භාරදී චෙනායි පැමිණි බව අම්රුතා අනාවරණය කළා.

තමන්ව හදා වඩා ගත් පාර්තසාරථි සහ ශෛලජා මාරණාසන්යේ දී තමන් ජයලලිතාගේ දියණිය බවත් ඒ පිළිබඳ කිසිවෙකුටත් නොපවසන බවට දිවුරා පොරොන්දු ලබාගත් බවත් අම්රුතා කියා සිටියා.

ඇය අවස්ථා ගණනාවක දී ජයලලිතා හමුව ඇති අතර මවකගේ සෙනෙහස ජයලලිතා විසින් විදහා පා ඇති අතර සිය ලොකු අම්මා තමාව තමාගේ දියණිය ලෙස දකිනු ඇති බවට තමන් වැරදි මතයට සිටි බවත් මවකගේ සෙනෙහස තමාට තේරුම් ගැනීමට නොහැකි වූ බවත් අමුරුතා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මාධ්‍යවේදීන් ඇගේ අසා සිටියේ තමාට දේශපාලන පසුබිමක් නිර්මාණය කර ගැනීමට හෝ ජයලලිතාගේ දේපළ අත්පත්කර ගැනීමේ වුවමනාවක් තිබේද යන්නයි.

නමුත් අම්රුතා පවසන්නේ තමාට දේශපාලන හෝ දේපළ අවශ්‍ය නොවන බවත් තමාගේ මවගේ අනන්‍යතාව පමණක් ලබාදීමෙන් සෑහීමට පත් වන බවත් ඇය කියා සිටියා.

තමන්ගේ පවුලට සිටි එකම හතුරා ශෂිකාලා බවත් ඇයට බියෙන් ජයලලිතා තමාව සඟවා ඇති බවත් අම්රුතා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙයට පෙර අම්රුතා විසින් කර්නාටකා ප්‍රාන්ත අධිකරණයේ නඩුවක් පැවරු අතර එම අධිකරණය විසින් අදාළ පෙත්සම ඉවත දමා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන ලෙස ද නියෝග කරනු ලබුවා.

මේ අතර තවත් කාන්තාවක් තමන් ජයලලිතාගේ සහ තමිල් නාඩුවේ හිටපු මහඇමති මෙන්ම දමිළ සිනමාවේ ප්‍රකට නළුවෙකු වූ එම්.ජී.රාමචන්ද්‍රන් හෙවත් MGRගේ දියණිය ලෙස සඳහන් කරමින් ADMK පක්ෂයේ මහලේකම් තනතුරු තමාට ලබාදිය යුතු බව ඉල්ලා සටනක නිරතවී සිටිනවා.

ඒ අතර වාරයේ ජයලලිතාගේ සහෝදරයාගේ දියණිය වන දීපා ද තමිල්නාඩුවේ  ක්‍රියාකාරි දේශපාලනයේ යෙදෙමින් ADMK පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.