ඕකී සුළි කුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවෙන් ද තවමත් සම්පූර්ණයෙන් ඉවත්ව ගොස් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (01) සහ හෙට දිනවල ද රටපුරා බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බවයි ඔවුන් නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.
ගොඩබිම සහ රටපුරා මුහුදු ප්‍රදේශවල තවදුරටත් තද සුළං ද ඇති විය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද ස`දහන්. මේ නිසා ධීවර සහ නාවික ප්‍රජාව අද දිනයේ ද විමසිලිමත්ව සිටිය යුතු බව අවධාරණය කෙරුණා.
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබෙන ඕකී සුළි කුණාටුවෙන් මේ වනවිට ඉන්දියාව බලපෑමට ලක්ව තිබෙනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසන්නේ තමිල්නාඩු සහ කේරළ යන ප්‍රාන්තවල තද වැසි ආරම්භ වී තිබෙන බවයි. ඒ සමග ජල ගැලීම් ද සිදුව තිබෙනවා. තද සුළං හේතුවෙන් ගස් කඩාවැටීම් වැදි ආපදා ද සිදුව තිබෙන බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වැඩිදුරටත් පැවසුවේ. මෙම ආපදාවලින් තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල පුද්ගලයින් 08 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා. ධීවරයින් 250කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවයි තහවුරු කළ වාර්තාවල දැක්වෙන්නේ. අතුරුදන් වූ ධීවරයින් සොයාගැනීම සඳහා ධීවර නෞකා 05ක් මේ වනවිටත් යොදවා තිබෙනවා. ආපදා සහන සේවාද ආරම්භ කර තිබෙන බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය කියා සිටියේ.
දිස්ත්‍රික්ක 09ක් සඳහා අද (01) අලූයම නිකුත් කෙරුණු නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. රත්නපුර, නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ මොණරාගල එම දිස්ත්‍රික්ක කිහිපයක්. ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල වැසියන් භූමියේ සිදුවන වෙනස්කම් පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ. නායයාමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම අදාළ ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
-------------------------------------------------------------------------------------
‘‘ ඕකී’’ පිටව යයි! අදත් වැස්ස සමග සුළඟ
01-12-2017 06:37
පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කර මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන වායුගෝලීය පද්ධතිය ‘‘ ඕකී’’ ලෙස නම් කර තිබෙනවා. සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද එහි ගමන්මග පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙම සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවට බටහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ කොළඹ සිට කිලෝමීටර් 600ක් පමණ ඈතින් ස්ථානගත වී තිබෙනවා. ඒ අනුව එහි බලපෑම ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලූයම 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවලට අදත් වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වනවා.