Sunday, January 19, 2025

General line - 0115112241

නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්




දිස්ත‍්‍රික්ක කිහිපයක් සඳහා නැවත වරක් නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ සහ වැලිගෙපොළ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ගාල්ල දිස්ත‍්‍රික්කයේ යකක්ලමුල්ල සහ නාගොඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නිකුත් කර ඇත්තේ පළමු අදියරේ හෙවත් කහ වර්ණයේ අනතුරු ඇඟවීමක්. ඒ අනුව එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැසියන් නායයාම් පිළිබඳ විමසිලිමත්ව සිටිය යුතු වනවා. මා

තලේ ඇල්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බදුල්ල පස්සර සහ වැලිමඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, මොණරාගල වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, හම්බන්තොට කටුවන සහ  ඕකේවල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ කළුතර පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කහ වර්ණයෙන් හෙවත් පළමු අදියරේ නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ඇතැම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන අදියරේ හෙවත් ඇම්බර් වර්ණයෙන් නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉන් අදහස් වන්නේ අදාළ ප‍්‍රදේශවල වැසියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. බදුල්ල - හල්දුම්මුල්ල, රත්නපුර - කොළොන්න, අයගම, බලංගොඩ, කහවත්ත, කුරුවිට සහ ඉඹුල්පේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේ අතර වනවා. 
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම සහ ඇල්පිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත‍්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නිකුත් කර ඇත්තේ ඇම්බර් වර්ණයෙන් දෙවන අදියරේ නායයාමේ අනතුරු ඇඟවීමක්.