දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සපයන ලිපි ලේඛන ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බවට ජනතාව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ජනතාව නගන චෝදනාවට ප‍්‍රතිචාර දක්වමින් එහි කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක කියාසිටියේ තම දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රධාන භාෂා 3න්ම ලිපි ලේඛන නිකුත් කරන බවයි.
තමන් භාවිත කිරීමට කැමති භාෂාව කුමක්දැයි සේවාලාභීන්ගෙන් කල් ඇතිව විමසා පැහැදිලි කර ගැනීමට ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් ලිපි ලැබීමෙන් අපහසුතාවක් සිදුව ඇතැයි කිසියම් අයෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිළිබඳ වහාම සොයාබැලිය හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මෙම විමසීමේදී වැඩිදුරටත් කියා සිටියා.