තද සුළං සහ වැසි හේතුවෙන් රටපුරා සිදු වූ ආපදාවලින් විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 55,000 ඉක්මවා තිබෙනවා. දිස්ත්‍රික්ක 15ක පවුල් 14,617ක පුද්ගලයින් 55,855 දෙනෙකු මෙලෙස විපතට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාලවූවන්ගේ සංඛ්‍යාව 30 දෙනෙක්. තවත් පුද්ගලයින් 08 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
මේ දක්වා ලැබී ඇති දත්තවලට අනුව සම්පූර්ණයෙන් හානි වූ නිවාස ගණන 430ක්. තවත් නිවාස 11,597කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.
විපතට පත්වූවන් තාවකාලිකව රැඳවීම සඳහා ආරක්ෂිත ස්ථාන 28ක් පවත්වාගෙන යන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ. පවුල් 901ක පුද්ගලයින් 3279 දෙනෙකු ඒවායේ ර`දවා සිටිනවා.