නිල්වලා ගඟ පහළ නිම්නයේ හා කිරමආර අවට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගිං ගඟද පහළ ප‍්‍රදේශවලින් ගංවතුර මට්ටමේ පවතින බවයි එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි කියා සිටියේ.
කළු ගඟ ද මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කැලණි ගඟේ අවදානම් තත්වයක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ එහි වාන් දොරටු 04ක් විවෘත කර තිබුණත් මේ වනවිට ඒවායෙන් 03ක් වසාදමා තිබෙන බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පවසන්නේ. කෙසේ වෙතත් තවදුරටත් විවෘත කර තිබෙන වාන් දොරටුවෙන් ජලය මුදාහැරෙන බැවින් කොත්මලේ ඔය පරිහරණය කරන්නන් විමසිලිමත් විය යුතු බව අවධාරණය කෙරුණා.
කාසල්රී ජලාශයේ ද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙන බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.