Sunday, January 19, 2025

General line - 0115112241

විපතට පත්වූවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

ඩිල්ෂාන් මඩවල




විපතට පත්වූවන් සඳහා වන්දි ලබාදීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි රජය පවසනවා.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවතැන් වූ පුද්ගලයින්ට රුපියල් 10000ක මුදලක් ලබා දීම එම අවස්ථාවේදීම ආරම්භ කළ බවයි. මරණයක් වෙනුවෙන් රුපියල් 100000ක මුදලක්ද ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවා

ඉදිරිදින කිහිපයේදී ඇති විය හැකි ආපදා සඳහා මුහුණදීම සඳහා ද අද රැස්වූ ආපදා කළමනාකරණ කමිටුව සැලසුම් සකස් කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සහන සේවා සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ද සහය ලබා ගැනෙන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් පැවසුවේ.