Sunday, January 19, 2025

General line - 0115112241

කොන්සියුලර් ගාස්තු සංශෝධනයක්




විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විභාග සහතිකයක් ස`දහා රුපියල් 500ක ගාස්තුවක් මින් ඉදිරියට අය කෙරෙනු ඇති.

අපනයන කටයුතු වෙනුවෙන් නිකුත් කරන ඕනෑම ලේඛනයක් සහා රුපියල් 6000ක්ද විදේශිකයෙකු ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කිසියම් සහතිකයක් ලබාගන්නා විට රුපියල් 1500ක ගාස්තුවක් ද අය කෙරෙනු ඇති.

වෙනත් ඕනෑම ලේඛනයක් සහා අය කෙරෙන ගාස්තුව රුපියල් 800ක් වනවා.

සංශෝධිත මෙම නව ගාස්තු ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට  ක්‍රියාත්මක බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.