Sunday, January 19, 2025

General line - 0115112241

පරිශ්‍ර ලක්ෂ 05කට තවමත් විදුලිය නැහැ




රට පුරා පරිශ්‍ර ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම තවදුරටත් බිඳවැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

සියලූ විදුලි බිවැටීම් හැකි ඉක්මණින් යථාවත් කිරීම සහා අතිරේක කණ්ඩායම් ද සේවයට යොදවා ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර මෙවැනි විදුලි බි`දවැටීම් සම්බන්ධයෙන් 1987 අංකයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට, 1910 අංකයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගමට හෝ 1901 අංකයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයට ද දැනුම්දිය හැකි බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියේ.