බෝට්ටුවක් මගින් උඩප්පුව ප්‍රදේශයේ සිට නවසීලන්තය බලා ගමන් කිරිමට උත්සාහ කළ පුද්ගලයන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අද (01) හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් චමින්ද ප්‍රදීප් රුද්‍රිගෝ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
මෙහිදී රෝගි තත්ත්වයේ පසු වූ අයෙකු පුත්තලම අනවිළුන්දාව රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
හලාවත පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරශීලිගේ උපදෙස් පරිදි ආරච්චිකට්ටුව පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.