Sunday, January 19, 2025

General line - 0115112241

හදිසි අවස්ථාවට මුහුණ දෙන්න නාවික හමුදාව සීරුවෙන්.. කණ්ඩායම් 9ක් දිස්ත්‍රික්ක 4ට




දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන් තබා තිබෙනවා.

ඒ අනුව ජල ගැලීම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 9ක් දැනටමත් දිස්ත්‍රික්ක 4ක් සඳහා යොදවා ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු දිනේෂ් බණ්ඩාර පැවසුවේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම කණ්ඩායම් යොමු කර ඇති බවයි.

ජල ගැලීමෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය සහන කටයුතු මෙම කණ්ඩායම් විසින් සිදුකිරිමට නියමිතයි.

මේ අතර, තවත් නාවික හමුදා කණ්ඩායම් 50ක් සීරුවෙන් තබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු දිනේෂ් බණ්ඩාර කියා සිටියේ.

එම කණ්ඩායම් අදාළ දිස්ත්‍රික්කයන් ආසන්නයේ පිහිටි කඳවුරුවල ස්ථානගත කර ඇති අතර හදිසි අවස්ථාවන්වල දී එම කණ්ඩායම් ද සහන සේවා සඳහා යෙදවීමට නියමිතයි.